ශ්‍රී ලාංකිකයෙකුට කැසිනෝ ශාලාවකට ඇතුළුවෙන්න අයකරන ගාස්තුව ඉහළට

කැසිනෝ ශාලාවකට ඇතුළුවන ශ්‍රී ලාංකිකයෙකුගෙන් අයකරන ගාස්තුව ඩොලර් 200 දක්වා ඉහළ නංවන පරිදි ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පවත්නා විනිමය අනුපාත තත්ත්වයන් මත ශ්‍රී ලාංකිකයෙකුට කැසිනෝ ශාලාවකට ඇතුළුවීමේදී රුපියල් 72,000ක පමණ මුදලක් ප්‍රවේශ ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවනවා.
අගෝස්තු මස පළමුවනදා සිට කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා ඉහළ නංවනු ලැබුවා.
එසේම කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් නව පනත මඟන් නියමකරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

