32ක් රෝහලට යැවූ බස් රථ අනතුර

කොළඹ නුවර ප්රධාන මර්ගයේ මාවනැල්ල අන්වාරම පල්ලිය ඉදිරිපටදි අද (25) දහවල් 11.30 පමණ පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක් එකිනෙක ගැටිමෙන් තිස්දෙදෙනකු මාවනැල්ල මූලික රෝහලවෙත ඇතුලත්කර ඇතයි මාවනැල්ල පොලිසිය පැවැසීය.
අනතුරට පත්ව ඇත්තේ කෑගල්ල දෙසසිට මහනුවර බලා ධවනය යෙදුන පෞද්ගලික බස්රථයක් හා කෑගල්ල දෙසට ධාවනයේ යෙදුන මාවනැල්ල ඩිපෝවට අයත් බස් රථයක් බවත් අනතුර සිදුවන අවස්ථාවේ බස්රථ දෙකෙහිම මගීන් ගමන්කරමින් සිට ඇති බවද පොලිසිය පැවසීය.
අනතුරින් රෝහල්ගත 32 ගෙන් 5 දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ.
අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.




