අයර්ලන්තයට ප්‍රබල එංගලන්තය පරදී

අයර්ලන්තයට ප්‍රබල එංගලන්තය පරදී

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවැති තරඟය ජයගැනීමට අයර්ලන්තය කණ්ඩායම සමත් වුණි.

ඒ ඩක්වර්ත් ලූවිස් නියායට අනුව ලකුණු 5කින් ජය වාර්තා කළා.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා අයර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සියලුදෙනා දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී වර්ෂාවෙන් තරඟයට බාධා එල්ලවූ අතර ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම 15 වන පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 110 ක් ලබාගත යුතුව තිබුණා.

කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායම එම පන්දුවාරය වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 105 ක් ලබා සිටි අතර ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 5 ක ජයක් හිමි වුණා.