ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 61කට ප්‍රාදේශීය සංවර්ධණ කමිටු සභාපති ධුර

ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 61 දෙනෙකුට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ විසින් ප්‍රාදේශීය සංවර්ධණ කමිටු සභාපති ධුර සඳහා වන පත්වීම් ලිපි ප්රදානය කර තිබෙනවා.
ගම්පහ, කළුතර, මාතලේ, නුවර එළිය, ගාල්ල, මාතර,රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක 15 ක් සඳහායි මෙම පත් කිරීම් සිදුකර ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට සහ සමගි ජනබලවේගයේ සිට ආණ්ඩුවට එක්වූ අමාත්‍ය මනූෂ නානායක්කාරට ද ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුර පිරිනැමුණා.
එමෙන්ම පසුගියදා පැවති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා වන ඡන්ද විමසීමේදී ඡන්දය ලබා නොදුන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ද ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුර පිරිනමා තිබීම විශේෂත්වයක්.

