කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (28) රාත්‍රී 10 සිට පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව, කොළඹ – 02,03,04,05,07, 08 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.