තිලිණි ප්‍රියමාලි වංචා කළ මුදල හෙළිවෙයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව ලැබී ඇති පැමිණිලිවලට අනුව රුපියල් කෝටි 128කට අධික මුදලක් වංචාකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඇයට එරෙහිව ලැබී ඇති පැමිණිලි 12 ට අදාළව මෙම විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ අතර තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල් උපයෝගි කර ගෙන පෞද්ගලික හෙලිකොප්ටරයකින් කතරගම වන්දනාවේ ගොස් ඇති බවට ද හෙළි වී තිබෙනවා.
එසේම ඇය කාර්යාලයක් පවත්වාගෙන ගිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහල සඳහා නිසි පරිදි මාසික කුලි මුදල් ද ගෙවා නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කළ කලා ක්ෂේත්රයට සම්බන්ධ නිළියක්, නිවේදිකාවක් ඇතුළු 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඒ අනුව ඉන් දෙදෙනෙකුගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සෙසු පිරිසගෙන් ඉදිරි දිනවලදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.

