ප්‍රියමාලි හෙලිකොප්ටරයකින් කතරගමත් ගිහින්

මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල් උපයෝගි කර ගෙන පෞද්ගලික හෙලිකොප්ටරයකින් කතරගම වන්දනාවේ ගොස් ඇති බවට ද හෙළි වී තිබෙනවා.
එසේම ඇය කාර්යාලයක් පවත්වාගෙන ගිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහල සඳහා නිසි පරිදි මාසික කුලි මුදල් ද ගෙවා නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කළ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නිළියක්, නිවේදිකාවක් ඇතුළු 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඒ අනුව ඉන් දෙදෙනෙකුගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සෙසු පිරිසගෙන් ඉදිරි දිනවලදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.
එසේම ඇය කාර්යාලයක් පවත්වාගෙන ගිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහල සඳහා නිසි පරිදි මාසික කුලි මුදල් ද ගෙවා නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.
තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර ලබන මස 02 වනදා දක්වා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

