බංගලියන් පරදා දකුණු අප්රිකාවට විශිෂ්ට ජයක්

20යි 20 ලෝක කුසලාන සුපිරි දොළහා වටයේ තරගයක් අද (27) පැවැත්වුණේ, දකුණු අප්රිකාව හා බංගලාදේශය අතර යි.
ඒ, සිඩ්නි ක්රීඩාංගණයේ දී.
එම තරගයෙන් ලකුණු 104ක විශිෂ්ට ජයග්රහණයක් ලබා ගැනීමට දකුණු අප්රිකාව සමත් වුණා.
කාසියේ වාසිය දිනූ දකුණු අප්රිකානු නායක ටෙම්බා බවූමා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.
දකුණු අප්රිකානු පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස්කර ගැනීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ ක්රීඩකයින් පන්දුවාර 16යි පන්දු 3ක් අවසානයේ ලකුණු 101කට සියලුදෙනා දැවී ගියේය.
දකුණු අප්රිකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්රීඩා කරමින් තරගයේ වීරයා වූ රයිලි රූසෝ පන්දු 56කදී ලකුණු 109ක් රැස්කළේය.
දකුණු අප්රිකා කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ Anrich Nortje පන්දුවාර 3යි පන්දු 3කට ලකුණු 10ක් පමණක් ලබාදී කඩුලු 4ක් දවාගැනීමට සමත්වීම විශේෂත්වයකි.
Tabraiz Shamsi පන්දුවාර 4කදී කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.
Keshav Maharaj සහ Kagiso Rabada එක් කඩුල්ල බැගින් දවාගත්තේය.


