ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ජාත්‍යන්තරයේ සම්මානයට පාත්‍ර වෙ‍යි

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ජාත්‍යන්තරයේ සම්මානයට පාත්‍ර වෙ‍යි

ශ්‍රී ලංකන් ගුවන් සේවය, Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උලළේ දී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය දිනාගෙන තිබෙනවා.

මේ සඳහා ඉදිරිපත් ව තිබූ අනෙකුත් ඉදිරිපත් කිරීම් 118ක් අභිබවා යමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ‘Mathaka’ නමින් හඳුන්වන upcycle ව්‍යාපෘතියයි මෙලෙස සම්මානයට පාත්‍ර වූයේ.

මෙම නව ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අපද්‍රව්‍ය සහ ඉවතලන අයිතමවලින් භාවිත කළ හැකි නිෂ්පාදන නිර්මාණය කිරීම සිදු කරනවා.

එතුළින් ගුවන් සමාගමට ප්‍රතිචක්ක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය නව නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමට ඉඩ සලසන අතර එමගින් පරිසර දූෂණය අවම කිරීමට සමත් වෙනවා.