ලංකාව “සෙමි” යන්න මොකක්ද කරන්න ඕනේ – හෙට මැච් එකේ “ප්ලෑන්” එක නවාස් හෙළි කරයි

එංගලන්තය සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ අද (28) තරඟය අත්හැර දැමීම හේතුවෙන් එම කණ්ඩායම් දෙකට ම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිව තිබෙනවා.
ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානයට පැමිණීමට එංගලන්තයට අවස්ථාව ලැබුණා.
මේ අතර, එම කාණ්ඩයේ ඔස්ට්‍රෙලියාව 4 වන ස්ථානයට පැමිණ ඇති අතර ශ්‍රී ලංකාව 5 වන ස්ථානය දක්වා පහළට වැටී තිබෙනවා.
සුපිරි 12 දෙනාගේ වටයේ නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවන අතර පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය හෙට පැවැත්වීමට නියමිතයි.
කෙසේ නමුත් වර්ෂාව නිසා සිදු වූ තරග අතහැර දැමීම් හේතුවෙන්, ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පැමිණීමට දැඩි තර්ගයක් දීමටයි සිදුව ඇත්තේ.
එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරග සියල්ල ජයග්‍රහණය කළහොත් අනිවාර්යයෙන් අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇත.
(ප්‍රසාද ලකුණු සටහන පහතින්)


මේ අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (29) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ දී වෙනස් ආකාරයේ සැලසුමක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බව වාර්තා වෙනවා.
එම සැලැස්ම පිළිබඳ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කරන්නේ, “මේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී පිතිකරුවන්ට ඕන තරම් ලකුණු තියෙනවා. මේක එදා ඉඳලාම අපට ශ්‍රී ලංකාවට ටිකක් වාසිදායක ක්‍රීඩාංගණයක්. මෙතන දී පන්දුව හතරේ සීමාවට ගලායාමත් ඉතාමත් වේගවත්. ඒ නිසා අපට ටිකක් වෙනස් ආකාරයේ සැලසුමක් යොදාගෙන මේ තරගයට යන්න වෙනවා කියන එක අපි හැමෝම දන්නවා.
කණ්ඩායමේ හැම දෙනෙක් ම ලොකු හැඟීමකින් ඉන්නේ. හැම කෙනෙක් ම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අවසන් පූර්ව තරඟයට එන්න. ඒක හින්දා මේක කාගේ හරි අලුතින් එන කෙනෙකුගේ අවස්ථාව වෙන්නත් පුළුවන්” යනුවෙන්.

