අසූර් ශ්රී ලංකාවට

ලබන මස දෙවනදා සිට රුසියාවේ අසූර් ගුවන් සමාගම ශ්රී ලංකාව වෙත සිය සේවාවන් දියත් කිරීමට සැළසුම් කර තිබෙනවා.
ඒ අනුව සෙන්පීටර්ස්බර්ග්, ක්රස්නයාස්ක්, නොවෝසර්බියක් සිට දින 10 කට වරක් දිවයිනට පැමිණීමට නියමිතයි.
එමෙන්ම මොස්කව් සිට සතියකට දින දෙකක් අසූර් ගුවන් සමාගමට අයත් යානාවක් පැමිණෙන බවයි රුසියාවේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ සඳහන් කළේ.

