පිටි මිල තවත් අඩුවෙයි

කොළඹ කොටුව තොග වෙළඳුන් ආනයනය කරන තිරිඟු පිටි (පාන් පිටි) කිලෝවක මිල රුපියල් 250ක් දක්වා පහත වැටී තිබේ.
විවෘත ගිණුම් හරහා තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර දීමට රජය අවසර දීමට තීරණය කිරීමත් සමග මෙසේ තිරිගු පිිටි මිල පහත වැටීමට හේතු වී තිබේ. මේ වන විටත් විශාල තිරිගු පිටි තොගයක් ආනයනය කර තිබේ.
මේ අතර තිරිඟු පිටි කිලෝග්රෑමයක තොග මිල රුපියල් 250 දක්වා අඩු වී තිබුණත්, මීට පෙර අවස්ථා කිහිපයකදීම තිරිඟු පිටි මිල පහත දැමුණද බේකරි හිමියන් තවමත් සිය නිෂ්පාදනවල මිල අඩු කර නැහැ.

