ලංකාව පරාදයි

ලංකාව පරාදයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 65ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. සිඩ්නි හිදීයි මෙම තරගය පැවැත්වුණේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 167ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාවට එරෙහිව ග්ලෙන් ෆිලිප්ස් ශතකයක් වාර්තා කළේය.

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 168 ඉලක්කය හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථකවීමට නවසීලන්ත පන්දුයවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවීය.

පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 102ක් පමණි.

COMMENTS