වගා කරන්න දැන් ලෑස්තිවෙන්න – ගොවීන්ට දැනුම් දීමක්

නොවැම්බර් මාසයේ සිට වගා කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙනවා.
එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන කියා සිටියේ නොවැම්බර් පළමු සතිය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවයි.
එම නිසා යළි ගොවිතැන් ආරම්භ කිරීමට හිතකර පරිසරයක් නිර්මාණය වන බවයි ඔහු කියා සිටියේ.
මේ වනවිටත් වාරි ජලාශ රැසකම ජල මට්ටම් සියයට හතළිහේ සීමාවට ළඟාවී ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

