ක්රිකට් තරඟය අතරතුර සිදු වූ අනපේක්ෂිත අනතුර

ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්රිකට් තරඟාවලියේ දෙවන කාණ්ඩය යටතේ පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර තරගය අද පර්ත්හිදී පැවැත්වුණා.
තරඟයේ කාසියේ වාසීය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී පන්දුවාර 20 අවසානයේදී ලබාගත්තේ ලකුණු 91ක් පමණයි.
ජයග්රහණය සඳහා ලකුණු 92ක පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය කඩුලු 04ක් පමණක් දැවී ජයග්රහණය තහවුරු කර ගත්තා.
මේ අතර එම තරඟය අතරතුර දී හරිස් රවුෆ් යැවූ පන්දුවකට මුහුණ දුන් Bas de Leede තුවාල ලබා ක්රීඩාගාරය වෙත රැගෙන ගියේය.
ඔහුගේ මුහුණට තුවාල සිදුව ඇති අයුරු දක්නට ලැබුණි.


