උඩුවේ ධම්මාලෝක හිමියන්ට අධිකරණයෙන් නියෝගයක්

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අවට ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් සහ බාධාවක් නො වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසට, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග නිකුත් කළා.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව හයක් ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලකට අනුව යි අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

