සාරි මිල ඉහළයයි – ගුරුවරියෝ සුදුසු ඇඳුමක් ඉල්ලති

රාජ්ය සේවයේ ගෞරව රැකෙන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම සම්බන්ධයෙන් රාජ්ය සේවකයන් සඳහා නිකුත් කර ඇති චක්රලේඛය ගුරුවරුන්ට ද ක්රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලීමක් කරනවා.
පවතින ආර්ථික පීඩනය හමුවේ ඉහල මිලක් ලබා දී සාරි මිල දී ගැනීම ගැටලුකාරී තත්ත්වයක් බවත් ප්රවාහන දුෂ්කරතා හේතුවෙන් බොහෝ ගුරුවරුන් පාපැදි හා යතුරුපැදි භාවිතා කරමින් පාසල් පැමිණීම සිදු කරන බවත් එම සංමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්රකාශ කළා.
ගුරුවරියන් දරුවන් සමඟ කටයුතු කිරීමේ දී සාරිය, ඔසරිය වැනි ඇඳුමකට වඩා පහසු සරල ඇදුමකින් සැරසීමෙන් කාර්යක්ෂම ලෙස කටයුතු කළ හැකි බව යි ඔහු කියා සිටියේ.

