උතුරට අක්කර 1000ක සෆාරි අභය භූමියක්

උතුරට අක්කර 1000ක සෆාරි අභය භූමියක්

උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභය භූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබඳව සොයා බලන ලෙසට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කෘෂිකර්ම වනජිවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරට අභයභූමි වැඩි ප්‍රමාණයක් සහ සත්වෝද්‍යාන දකුණේ පිහිටා තිබීම නිසා උතුරේ පාසල් දරුවන්ට හා වැඩිහිටියන්ට සතුන් පිළිබඳ අධ්‍යයනය කිරීමට මෙන්ම විනෝදාස්වාදය ලබා ගැනීමට දකුණට පැමිණීමට සිදුව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, හෝමාගම ප්‍රදේශය අවට ව්‍යාප්තව සිටින මුව රංචු සම්බන්ධයෙන් ද වනජිවි අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව, එම සතුන් විධිමත් සෞඛ්‍ය පරීක්ෂණයකින් පසු උතුරු පළාතේ පිහිටුවීමට යෝජිත සෆාරි අභය භූමියට යොමු කිරීමට යි සැලසුම් කර ඇත්තේ.