බස් ලොරි අනතුරකින් ඇඟලුම් සේවිකාවන් 16කට තුවාල

බස් ලොරි අනතුරකින් ඇඟලුම් සේවිකාවන් 16කට තුවාල

වාද්දුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ඇඟලුම් සේවිකාවන් 16 දෙනෙකු තුවාල ලැබූවා. බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර සිට පානදුර දෙසට ගමන් කරමින් තිබූ ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයේ පසුපසින් පැමිණි ලොරි රථය ගැටී ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ

තුවාල ලැබූ ඇගලුම් සේවිකාවන් 16 දෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

පසුපසින් පැමිණි ලොරි රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුවයි.ඔහු වාද්දුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.