කෝලිගේ ව්‍යාජ පන්දු රැකීම අපිව පරාජය කළා – බංග්ලාදේශයෙන් චෝදනාවක්

කෝලිගේ ව්‍යාජ පන්දු රැකීම අපිව පරාජය කළා – බංග්ලාදේශයෙන් චෝදනාවක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශය සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (02) පැවති තරඟයේ දී ඉන්දියාව හමුවේ බංග්ලාදේශය ලකුණු පහකින් පරාජයට පත්වීමෙන් පසුව, නුරුල් හසන් කියා සිටියේ විරාත් කෝලිගෙන් “ව්‍යාජ පන්දු රැකීමේ” සිදුවීමක් පිටියේ විනිසුරුවන්ට මඟ හැරී ඇති බවත්, එමගින් බංග්ලාදේශයට තීරණාත්මක දඬුවම් ලකුණු පහක් ලබා දිය යුතු අතර ඒ සම්බන්ධව විනිසුරුවන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් කෝලිට එරෙහිව නොගත් බවද නුරුල් හසන් පවසනවා.

ඔස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව ලකුණු 05ක ජයක් හිමිවූයේ ඉන්දීය කණ්ඩායමටයි.

බංග්ලාදේශ ඉනිමේ හත්වැනි පන්දුවාරයේ දී බංග්ලාදේශයේ ආරම්භක පිතිකරු ලිටන් දාස් පිටියේ ඩීප් පොයින්ට වෙත එල්ල කළ ප්‍රහාරයේ දී විරාත් කෝලි මෙම ව්‍යාජ පන්දු රැකීම සිදු කළ බවයි ඔවුන් චෝදනා කරන්නේ.

අර්ෂදීප් සිං විසින් පන්දු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් වෙත එල්ල කළ පන්දුව තමා වෙත ලැබෙන අයුරින් මවා පාමින් කෝලි මෙම රංගනය සිදු කළ බව දැකිය හැකියි.

එම තරගයේ විනිසුරුවරුන් වූ මාරයිස් ඉරැස්මස් හෝ ක්‍රිස් බ්‍රවුන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් කෝලිට එරෙහිව නොගත් අතර, ව්‍යාජ පන්දු රැකීමක් සඳහා වන දඬුවම ලකුණු 05ක් බව ද එය තීරණාත්මක ජයග්‍රහණයක් කරා බංග්ලාදේශය ගෙන යාමේ අවස්ථාවක් මගහැරීමක් බව ද බංග්ලාදේශය පෙන්වා දෙනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ නුරුල් හසන් පෙන්වා දෙන්නේ, එම දඬුවම් ලකුණ හිමිවන්නේ අයි.සී.සී. ක්‍රිකට් නීතිය අනුව (41.5) “ඕනෑම පන්දු රකින්නෙක් හිතාමතාම, වචනයෙන් හෝ ක්‍රියාවෙන්, ප්‍රහාරකයාට පන්දුව ලැබුණු පසු පිතිකරුගේ අවධානය වෙනතකට යොමු කිරීමට, රැවටීමට හෝ බාධා කිරීමට උත්සාහ කිරීම අසාධාරණ බවත්, පන්දු යවන්නාගේ අවසන් විනිසුරු විසින් පිතිකරණ කණ්ඩායමට දඬුවම් ලකුණු පහක් ලබා දිය යුතු අතර, මෙම ක්‍රියාවට හේතුව පන්දු රකින කණ්ඩායමේ නායකයාට දන්වා, ප්‍රායෝගිකව හැකි ඉක්මනින් පිතිකරණ කණ්ඩායමේ නායකයාට දැන්වීම අනිවාර්ය බවයි.

නමුත් අවාසනාවකට තම කණ්ඩායමට එම අවස්ථාව ද නොලැබුණු බවයි බංග්ලාදේශයේ නුරුල් හසන් පෙන්වාදෙන්නේ.

https://es.pn/3DX3FsM