මාධ්‍ය මගින් පෙන්වන තරම් ලංකාව නරක නෑ – ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය

මාධ්‍ය මගින් පෙන්වන තරම් ලංකාව නරක නෑ – ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය

මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්ත්වය අනුව සංචාරය කල යුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය පවසනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග අද (03) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදියි එම සංගමය මේ බව අවධාරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය කඩිනමින් ප්‍රකෘතිමත් කිරීමට සිය මාධ්‍ය හරහා පූර්ණ සහයෝගය ලබාදෙන බවයි එම නියෝජිත පිරිස සඳහන් කළේ.

ආර්ථික අර්බුදයෙන් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයෙන් මිදීම සඳහා මූල්‍ය ප්‍රතිව්‍යූහගත කිරීමේ පහසුකම් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට සිය ස්තුතිය පළ කර සිටියා.

COMMENTS