සාරිය වෙනස් කළත් සිවුර වෙනස් කරන්න බෑ – ජෝෂප් ස්ටාලින්

තමන්ට සුදුසු ඇඳුමක් තෝරා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ඕනෑම පුද්ගලයෙකු සතුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
පාසල් ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ලබා දීම මෙරට සංස්කෘතියට නොගැලපෙන බවට මහා සංඝරත්නය සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසුවා.
ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කළ ද, පැවිද්දන්ගේ සිවුර වෙනස් කල නොහැකි බැවින්, මෙම ඉල්ලීම සඳහා විරසක නොවන ලෙසයි ජෝෂප් ස්ටාලින් ඉල්ලා සිටින්නේ.
මෙතුළින් සංඝරත්නය පෙන්වන පරිදි කිසිදු අයුරකින් සංස්කෘතිය විනාශ නොවන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

