“ආශාවරී” සංගීත කණ්ඩායම ගැන පොලිසියෙන් දැනුම් දීමක්

“ආශාවරී” සංගීත කණ්ඩායම ගැන පොලිසියෙන් දැනුම් දීමක්

මැදිරිගිරිය ප්‍රදේශයේ ආශාවරී නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීමට පරිවාස දෙපාර්තමේන්තුව සහ පොලීසිය පියවර ගෙන ඇති බව වාර්තා වුණා.

පසුගිය දින කිහිපයයේ සමාජ මාධ්‍ය තුළ මෙම ආශාවරී සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් කතාබහට ලක් විය.

මේ වනවිට විවෘත ප්‍රසංග ද පවත්වන තරමට මෙම ළමා සංගීත කණ්ඩායමේ දැරියන්ගේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතී.

කෙසේවෙතත්, වයස අවුරුදු 16ට අඩු දැරියන් යොදවා මුදල් සෙවීමේ පරමාර්ථයෙන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යානොහැකි බව දන්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබුණි.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල වාර්තාවන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය වෙත ලබාදිය යුතු බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

“ඇත්තටම මේක හරි වැරදි වැඩක්. දක්ෂ දරුවන්ට තම කලා හැකියාවන් ඉදිරියට ගෙන යන්නට අප අත දිය යුතුයි. ඔවුන්ට එවැනි නීති ලෝකේ කොහෙවත් හදන්න බෑ. කලාව කියන්නේ වෙනම මාධ්‍යයක්. මයිකල් ජැක්සන්, අවුරුදු 10න් සිංදු කියන්න පටන් ගත්තේ. නන්දා මාලිනී කොච්චර අඩු වයසින්ද පටන් ගත්තේ. මම රඟපාන්න ගත්තේ අවුරුදු 16න්. මමත් ළමයෙක් ඒ කාලේ. ලිට්ල් ස්ටාර් එහෙම බලන්නකෝ දක්ෂ දරුවෝ කොච්චර බිහිවෙනවද කියලා. හැකියාව මොට කරන්න එපා. විමර්ශනයක් කළා. වහාම කියන්න මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා.” යනුවෙන්

මේ අතර ආශාවරී නම් ළමා සංගීත කණ්ඩායමේ ක්‍රියාකාරකම් නතර කිරීමට පොලීසිය මැදිහත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, ආශාවරී වැනි සංගීත කණ්ඩායම් හෝ වෙනත් ළමයින්ගේ කලා දක්ෂතාවයන් පිළිබඳව මැදිහත්වී ඒවා නැවැත්වීමට හෝ පාලනය කිරීමට පොලීසිය කිසිවිටකවත් කටයුතු කර නොමැති අතර එසේ කටයුතු නොකරන බවයි.

(පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය පහතින්)