සටන්කාමී සිංහයන් හමුවේ එංගලන්තයට තියුණු ජයක් – කැන්ගරු සිහිනයත් බොඳ වෙයි

සටන්කාමී සිංහයන් හමුවේ එංගලන්තයට තියුණු ජයක් – කැන්ගරු සිහිනයත් බොඳ වෙයි

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ අද (05) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 141ක් රැස් කළේය.

පැතුම් නිස්සංක අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 67ක් එක් කළේය.

මෙවර පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ ‘ඒ’කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ සිය අභිලාෂය ඉටු කරගැනීමට එංගලන්ත කණ්ඩායම අද (05) සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය සහ එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ඔස්ට්‍රෙලියාවෙන් උදුරා ගැනීමටත් එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔස්ට්‍රෙලියාවට සිදු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මෙවර ලෝක කුසලාන සිහිනය අතහැර දැමීමටයි.

මෙවර ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ නවසීලන්ත කණ්ඩායම සමගින් එංගලන්ත කණ්ඩායමයි.

ලකුණු 142ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ජෝස් බට්ලර් යි.

ඒ ලකුණු 28කටයි.

වනිඳුගේ පන්දුවක් හමුවේ බට්ලර් දැවී ගිය අතර, අර්ධ ශතකය ආසන්නයේ සිටි ඇලෙක්ස් හේල්ස් ද දැවී ගියේ වනිදුගේ පන්දුවක් හමුවේයි.

සටන අත් නොහැරපු ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරය දවක්වාම සිය අණසක පතුරවිමින් එංගලන්ත පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළා.

ඒ කෙසේ වෙතත් අවසන් පන්දුවාරයේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළා

ඒ අනුව මෙවර පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ ඔස්ට්‍රෙලියානු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිහින මේ සමඟ බොඳව යනු ඇති.

COMMENTS