ගෑස් මිල සම්බන්ධ තීරණය අද

ගෑස් මිල සම්බන්ධ තීරණය අද

ගෑස් මිල සංශෝධනයක් අද (06) සිදුවීමට නියමිතයි.

ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

එසේම, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගෑස් තොග පවතින බවයි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවලින් ගෑස් හිඟයක් පිළිබඳ වාර්තා වන අතර, එම තත්ත්වයට හේතු වී ඇත්තේ මිල අඩුවන බවට පළවන වාර්තා හේතුවෙන් තොග ඇණවුම් නොකිරීම බවයි සභාපතිවරයා කියා සිටියේ.

ලිට්රෝ 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මේ වනවිට පවතින්නේ රුපියල් 4,280 ක මිලකටයි.

එමෙන්ම කිලෝග්‍රෑම් පහේ සිලින්ඩරයක් රුපියල් 1,720කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 800කටයි.

මේ අතර, පිරවුම්හල් තුළ පවතින ඉන්ධන හිඟය මෙම සතිය තුළ මගහැරෙනු ඇතැයි ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

COMMENTS