දකුණු අප්‍රිකාවත් එළියට විසි වෙයි – බංගලියන්ට සහ පාකිස්ථානයට සුපිරි අවස්ථාවක්

දකුණු අප්‍රිකාවත් එළියට විසි වෙයි – බංගලියන්ට සහ පාකිස්ථානයට සුපිරි අවස්ථාවක්

පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද (06) ඇඩිලේඩ් හි දී පැවැත්වුණු තරගයෙන් ලකුණු 13ක විශිෂ්ට ජයක් ලැබීමට නෙදර්ලන්තය සමත් වුණා.

මෙම ජයත් සමඟ පන්දුවාර 20-20 ලෝක කුසලාන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සිහිනයත් බොඳ වී ගියා.

ඒ ප්‍රසාද ලකුණු සටහනේ තම ස්ථානය පාකිස්ථානයට හා බංග්ලාදේශයට හිමිකර දෙමින්.

මේ වන විට පාකිස්තානය හා බංග්ලාදේශය අතර තරඟය ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත් වෙනවා.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීම ට තීරණය කළේය.

ඒ අනුව පන්දුවාර 19ක් තුළ කඩුළු 07ක් දැවී ලකුණු 117ක් ලබා ගෙන සිටිනවා.

මේ තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් පූර්ව වටයට යනු ඇත.

ඉන්දියාව මේ වන විට නිල වශයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර පාකිස්තානය සහ බංග්ලාදේශය මීළඟ අවසන් පූර්ව ස්ථානය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

COMMENTS