බිත්තර පාලන මිල ඉක්මවා යයි

බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බව බිත්තර ව්‍යාපාරිකයෝ පවසති.
බිත්තර ගොවිපොළවල් හිමියන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදීම සහ පාලන මිල ඉක්මවා සුදු සහ රතු බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන් බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇතැයි වෙළඳුන් පැවසූහ.
ඒ අනුව, සුදු බිත්තරයක් රු. 54කට සහ රතු බිත්තරයක් රු. 55ක සිල්ලර මිලකට අලෙවි කිරීමට සිදු වී ඇතැයි වෙළඳුන් පවසති
බිත්තර මිල ඉහළ යාම හමුවේ පාරිභෝගිකයන් ද බිත්තර මිල දී ගැනීමෙන් වැළකී සිටින බව ද ඔවුහු පෙන්වා දෙති.
වෙනත් දිනවල තම වෙළෙඳසලට අවශ්‍ය බිත්තර තොග, බිත්තර ගොවිපොළවල් හිමියන්ගෙන් ලැබුණු බවත්, පවත්නා තත්ත්වය මත අවශ්‍ය බිත්තර තොග නොලැබීම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බව ද ඔවුහු පවසති

