T20 ලෝක කුසලාන අර්ධ අවසන් වටයේ කණ්ඩායම්

T20 ලෝක කුසලාන අර්ධ අවසන් වටයේ කණ්ඩායම්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරඟ වටය සඳහා ඉන්දියාව,පකිස්ථානය,නවසීලන්තය සහ එංගලන්තය යන කණ්ඩායම් හතර සුදුසුකම් ලබා සිටිති.

මෙම කණ්ඩායම් අතර තරඟ දෙක මෙම මස 09 සහ 10 යන දින වලදී පැවැත්වේ.

මේ අතර ඇඩිලේඩ්හිදී අද (06) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 127ක් රැස්කළේය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Najmul Hossain Shanto ලකුණු 54ක් රැස්කළ අතර අෆීෆ් හොසේන් නොදැවී 24 රැස්කළේය.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂහීන් ෂා අෆ්රිඩි කඩුලු 4ක් දවාගත්තේය.

ඒ අනුව, තරගය ජයගැනීම සඳහා ලකුණු 128ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දුවක් තුළ කඩුලු 5ක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළේය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 32ක් රැස්කළ අතර මොහොමඩ් හරිස් 31ක් රැස්කළේය.

එම ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.