අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ, ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.
මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

