කණගාටුවට කාරණයක්, අපි නීතියට ඉඩදීලා බලමු – ධනිෂ්ක ගැන මහේල කතා කරයි (Video)

කණගාටුවට කාරණයක්, අපි නීතියට ඉඩදීලා බලමු – ධනිෂ්ක ගැන මහේල කතා කරයි (Video)

පෞද්ගලිකව ක්‍රීඩකයින්ගේ හැසිරීම් රටාවන් ගැන වගකීමක් භාරගත යුතු බවත්, කණ්ඩායමක් විදියට ගියාම පුළුවන් තරම් බලන්න ඕනේ නීතිගරුකව ඒ රටවල්වල හැසිරිලා නැවත මව්බිමට එන එක. මේ වගේ අවස්ථාවක ක්‍රීඩකයින් අතින් මේ වගේ දේවල් වෙන එක ඉතාම කනගාටුවට කාරණයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක, මහේල ජයවර්ධන මහතා පවසයි.

කණ්ඩායම තුළ දක්ෂා තිබුණ ද අවසන් පූර්ව තරගයට එක්වීමට නොහැකි වීම පිළිබඳ තමා කනගාටු වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක, මහේල ජයවර්ධන මහතා පවසයි.

ඊයේ (06) රාත්‍රීයේ ඔස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

“බොහෝමයක් තරගවල සුපුරුදු දක්ෂතා තිබුණට අවශ්‍යම කරන තරගවල අපේ අතින් වැරදි වුණා. මම හිතන්නේ ක්‍රීඩකයින් විදියට ඔවුන් මේ ගැන දන්නවා. මේ වගේ තරගාවලියක හොඳ කණ්ඩායම් එක්ක අතපසුවීම් කරලා ජයග්‍රහණය කරන්න අමාරුයි. විශේෂයෙන් ලෝක කුසලානය වගේ තරගාවලියක දී. ඒ ගැන කනගාටු වෙනවා. ඒ වැරදි හදාගෙන අත්දැකීම් එක්ක ඉදිරියට යන එක ඉතාමත් වැදගත්. හොඳ තරගයක් දීලා පරාජය වුණේ. නමුත් අපිට අවස්ථාව තිබුණා ඒ තරග තුනේම ජයග්‍රහණය කරන්න. ඒ අවස්ථාවලදී අවශ්‍ය කරන වෙලාවේදී කණ්ඩායම අතින් වැරදි වුණා. පන්දු යැවීමෙන්, පිතිකරණය අතින් වගේම පන්දු රැකීමෙන්. ඉතින් ඒ වැරදි නිසා තමයි ඒ තරග තුන ජයග්‍රහණය කරන්න බැරිවුණේ. ඒක තමා හේතුව අර්ධ අවසාන තරගයට එන්න බැරි වුණ.”

ප්‍රශ්නය – ධනුෂ්ක ගුණතිලක චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා රටටත් කණ්ඩායමටත් ලොකු අපකීර්තියක් එල්ල වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ ?

“මම හිතන්නේ කනගාටුවට කාරණයක්. අපි අවසාන තරගය ඉවරවෙලා රාත්‍රියේ තමා අපිට දැනගන්න ලැබුණේ. පහුවදා අපි ඔස්ට්‍රේලියාවෙන් පිටත් වුණා. මම ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. නමුත් පෞද්ගලිකව ක්‍රීඩකයින්ගේ හැසිරීම් රටාවන් ගැන වගකීමක් භාරගත යුතුයි. ඒත් බලමු ඒ පරීක්ෂණවලින් මොකක්ද වෙන්නේ කියලා. මම හිතන්නේ එතකල් අපිට කියන්න අමාරුයි මොකද්ද වුණේ කියලා. කණ්ඩායමක් විදියට ගියාම අපි බලන්නේ පුළුවන් තරම් නීතිගරුකව ඒ රටවල්වල හැසිරිලා නැවත මව්බිමට එන එක. ඒ වගේ අවස්ථාවක ක්‍රීඩකයින් අතින් මේ වගේ දේවල් වෙන එක ඉතාම කනගාටුවට කාරණයක්. අපි නීතියට ඉඩදීලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා.” යනුවෙන්

මේ අතර පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වු ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (07) පෙර දිවයිනට ළඟා වුණා.

ඊයේ (06) පස්වරුවේයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීමට පිටත් වූයේ.

තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග පැවති අවසන් තරගය පරාජයට පත් වුණා.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියේ ඔවුන් සමඟ තරගාවලියට එක් වූ ධනිෂ්ක ගුණතිලක නොමැතිවයි.

ඊට හේතුව ධනිෂ්ක ස්ත්‍රී දූෂණ චෝදනාවකට මේ වනවිට සිඩ්න් පොලිස් භාරයේ සිටීමයි.