කන්දකාඩු කඳවුරේ ගැටුමක්, පිරිසක් පලා යයි, 35 දෙනෙකු යළිත් භාර වෙයි

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (06) රාත්‍රි 10 ට පමණ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 05 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය රඳවා සිටි පිරිසක් අතර මෙම ගැටුම ඇති වී පසුව, එය උණුසුම් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර මෙම සිදුවීමෙන් රැඳවියන් 100 දෙනෙකු පමණ පලා ගොස් තිබෙනවා.
මේ අතර මෙම සිදුවීමෙන් පලා ගිය රැඳවියන් 35 දෙනෙකු යළි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට භාර වී ඇති බවත් වාර්තා වෙනවා.

