ධනිෂ්ක අද සිඩ්නි අධිකරණයට

ධනිෂ්ක අද සිඩ්නි අධිකරණයට

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රඳවා සිටින ධනිෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොහු සම්බන්ධයෙන් චෝදනා 4 ක් යටතේ විමර්ශන ආරම්භ කර ඇති අතර, පොලිස් ඇප ලබාදීම ද ඊයේ ප්‍රතික්ෂේප කෙරුණා.

29 හැවිරිදි කන්තාවක් සිඩ්නි නුවර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඇය කියා සිටියේ රෝස් බේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දි පසුගිය දෙවැනිදා ධනිෂ්ක ගුණතිලක අවස්ථා 04ක දී සිය කැමැත්තෙන් තොරව තමාට ලිංගික අතවර සිදු කළ බවයි.

ඒ අනුව පෙරේදා පැවති එංගලන්ත ශ්‍රී ලංකා තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවති සිටි සසෙක්ස් හි පිහිටි හෝටලයේදි ඔස්ට්‍රෙලියාවේ සසෙක්ස් ප්‍රාන්ත පොලිසියේ ලිංගික අපරාධ ඒකකය විසින් ඊයේ අලුයම 01කට පමණ ධනිෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර ඔස්ට්‍රේලියාවේදී චෝදනාවට ලක්වූ ධනිෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වහාම වාර්තාවක් කැඳවන ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා එම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාට ඊයේ (6) උපදෙස්දී ඇත.

ධනිෂ්ක ගුණතිලක ආබාධයට ලක්වීම නිසා අතිරේක ක්‍රීඩකයකු ඔස්ට්‍රේලියාවට යවා සිටියදී ඔහු යළි මෙරටට නොඑවීම සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනයෙන්ද මේ වන විටත් වාර්තාවක් කැඳවා ඇතැයි අමාත්‍යාංශ ලේකම් අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඊයේ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, ඕස්ට්‍රේලියානු තානාපති සහ මෙම අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් ඇතුළු කිහිපදෙනකු සූම් තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවී සාකච්ඡා කිරීමට නියමිතව සිටි බවද ක්‍රීඩා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.

COMMENTS