ඉන්ධන අළෙවි නොකළ පිරවුම්හල්වලට වැඩ වරදී

පාරිභෝගිකයින් වෙත පසුගිය දිනවල ඉන්ධන නිකුත් නොකළ පිරවුම්හල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එලෙස ඉන්ධන අළෙවි නොකළ පිරවුම්හල්වලට එරෙහිව පියවර ගන්නා ලෙසට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති බවයි.
මේ අතර ඇතැම් ඉන්ධන පිරිවුම්හල් පසුගිය දිනවල ඉන්ධන අළෙවි කිරීමෙන් වැළකි සිටියේ ය.
ඒ හේතුවෙන් පරිභෝගිකයින් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටනු දක්නට ලැබුණි.

