කටුනායක ගුවන් තොටුපළත් හිර වෙයි

කටුනායක ගුවන් තොටුපළත් හිර වෙයි

ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මගීන් සඳහා ආගමන හා විගමන ක්‍රියාවලිය මේ වන විට ස්වයංක්‍රීය පද්ධතිය භාවිතයෙන් තොරව සිදු කෙරන බවත් වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් ගුවන් තොටුපළේ ආගමන විගමන කවුන්ටරවල දැවැන්ත පෝලිම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

දෝෂය නිවැරදි කරන තුරු එම ක්‍රියාවලිය ස්වයංක්‍රීය පද්ධතිය භාවිතයෙන් තොරව සිදු කරන බව ගුවන්තොටුපල පවසනවා.