මගේ කාලයේ විනයක් කියලා දෙයක් තිබුණා, මෙහම දෙයෙක් වෙන්න දෙන් නැහැ – අර්ජුන

මගේ කාලයේ විනයක් කියලා දෙයක් තිබුණා, මෙහම දෙයෙක් වෙන්න දෙන් නැහැ – අර්ජුන

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පැත්තකින් පමණක් සිතා කටයුතු කළ නොහැකි බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග පවසයි.

හිටපු ක්‍රිකට් නායක, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම සිද්ධියට අමතරව තවත් ගැටලු රැසක් පවතින බවය.

“රටක් නියෝජනය කරපු ක්‍රීඩකයෙක් හැටියට අපේ දරුවෙක්.. ඒ දරුවාට කොයි විදිහටද ක්‍රිකට් ආයතනයත් එක්ක එකතු වෙලා සහයෝගය ලබා දෙන්නේ කියලා ඇමතිතුමා අද (08) සාකච්ඡා කළේ. ඒ දරුවා කරපු වැරද්ද විතරක් අපි එකපැත්තකින් බලනවා. අනෙක් පැත්තෙන් මේ දරුවා එතනට ගියේ කොහොමද කියන එක හොයන්න ඕනේ.

මේ පරණ වැරදි කරපු කෙනෙක් නම් ඒ දරුවාට දුන්න තහනම් අඩු කළේ ක්‍රිකට් පරිපාලනය. අවුරුදු දෙකක තහනමක් යෝජනා කරපු එකක් මාස 6කින් අඩුකරලා තියෙනවා.

දැන් බලන්න මම මාධ්‍යයෙන් දැක්කා සමහර ක්‍රීඩකයෝ කැසිනෝවලට ගිහින් තියෙනවා කියලා. ඉතින් එහෙම යන්න අවසර දෙනවාද?.. දැන් ක්‍රිකට් පරිපාලනයට ආපු උප ලේකම්තුමා කිව්වා ඒ අය අවසර දෙන්න එක උත්සවයකට විතරයි කියලා.

හැබැයි මම දැක්කා මාධ්‍යයෙන් කිව්වා උත්සව 16කට ගියා කියලා. ඉතින් මේ වාගේ තියෙනවා ලොකු ප්‍රශ්නයක්. ආසියානු කුසලානය ආපු වෙලේ වෙච්ච දේවල් එක්ක මම කිව්වා අනිවාර්යෙන්ම මේ තරගාවලිය අනාගන්නවා කියලා. මොකද මමත් පොඩ්ඩක් ක්‍රිකට් ගහපු පුද්ගලයෙක්නේ.

මෙහෙම දෙයක් මගේ කාලේ වෙන්නේ නැහැනේ. ඒ කාලේ විනයක් කියලා තිබ්බානේ.” යනුවෙන්

මේ අතර ලේඛනවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව තිබේ.

පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙස ට ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති චානක සේනාරත්න මහතා පැවසුවේය.

COMMENTS