මිල්ලණියේ සිසුන්ට වද දුන් සිද්ධියට විදුහල්පතිනියට හා පොලිසියේ 2කට වැඩ වරදී

මිල්ලණියේ සිසුන්ට වද දුන් සිද්ධියට විදුහල්පතිනියට හා පොලිසියේ 2කට වැඩ වරදී

ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කලේ යැයි චෝදනා කරමින් 05 වසර පංතියේ ඉගෙනුම ලබන සිසුන් කිහිප දෙනෙකුට අමානුෂික ලෙස පහරදී කෘරත්වයට පත් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් ඊයේ (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ පාසලේ ගුරුවරියක සහ මිල්ලනිය පොලීසියේ රියදුරා ඇප මත මුදාහරින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබුණි.

COMMENTS