තිලිණිට තවත් නඩුවක්

තිලිණිට තවත් නඩුවක්

මහාපරිමාන මූළ්‍ය වංචා චෝදනා ලැබ සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි තවත් නඩුවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කළ පැමිණිල්ලකට අනුවයි.

ඩොලර් ලබා දෙන බව පවසා තමාගෙන් රුපියල් කෝටි 4 ක් ලබාගත් බවට ඔහු පැමිණිලි කර තිබුණා. මේ අතර පෞද්ගලික බැංකු 4 ක ඇති තිළිණි ප්‍රියමාලිට අයත් ගිණුම් පරික්ෂා කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අවසර ලබා දුන්නා.