රියැදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු සඳුදා සිට යළි වැඩලු

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා (14) සිට යළි ආරම්භ කරන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, ඒ සඳහා හිඟව පැවති කාඩ් පත් ලක්ෂ 5 ක් පෙරේදා මෙරටට ආනයනය කළ බවයි.
කාඩ්පත් නොමැතිවීමෙන් පුද්ගලයින් ලක්ෂ 6 කට පමණ පසුගිය කාලයේදී රියැදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ කඩදාසියකයි.

