ත්‍රිරෝද රථයක් යකඩ යකාගේ ගැටී රියදුරු මරුට

ත්‍රිරෝද රථයක් යකඩ යකාගේ ගැටී රියදුරු මරුට

හික්කඩුව අමරසේන මාවත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් එහි රියදුරු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා නොසැලකිලිමත් ලෙස ත්‍රිරෝද රථය දුම්රිය පැමිණෙන අවස්ථාවේදී හරස් මාර්ගයට යොමුකර ඇති අතර එම අවස්ථාවේ එය ගැටී ඇත්තේ ගාල්ලේ සිට අලුත්ගම දෙසට ධාවනය වූ දුම්රියකයි.

සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයෙකු ද බරපතල තුවාල ලැබුවා.

මියගිය පුද්ගලයා 27 හැවිරිදි මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.