දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි සොයන්න ගුරුවරුන්ට පුහුණුවක්

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ගුරුවරුන්ට පුහුණුවක් ලබාදීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
දරුවන් සහ තරුණයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස යෝජනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ විවාදයට ඊයේ (10) එක්වෙමිනු යි ඔහු මේ බව කියා සිටියේ.

