විජය කුමාරයා ආවේ බංග්ලාදේශයෙන් අපි එතනින් පටන් ගමු – ඩයනා ගමගේ

විජය කුමාරයා ආවේ බංග්ලාදේශයෙන් අපි එතනින් පටන් ගමු – ඩයනා ගමගේ

ද්විත්ව පුරවැසිභාවයක් ගැන කතා කරමින් තමන්ට මඩ නොගසන්නැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

“කියන්න දෙයක් තියෙනවා විපක්ෂ නායකතුමා ඔබතුම කරුණාකරලා මේ පාරට බහින කාලකන්ණි වැඩේ නවත්වන්න, මොකද මේ රට දැන් මේ බංකොළොත් බාවයෙන් එළියට ගන්න ඕන වෙලා තියෙනවා. ඔබ තුමා පාරට බැහැලා අන්තිමට මිනිස්සු හූ කිව්වා. ඊළඟට හු කියන එකක් නැහැ රටේ ජනතාව. ඊළඟට ගල් මුගුරු වලින් ගහයි,

ඔබතුමා ළඟ තියා ගෙන මට ආරංචි විදිහට ඔබ තුමාමයි ඒක කියන්න කියලා තියෙන්නේ, මට මොන තරම් නිගා කළාද කියලා මාධ්‍ය තුළින් මම දැක්කා. ලැජ්ජයි ඇත්තටම කියන්න. අනිත් එක මේ සුදු පිරුවට ඇඳගත්ත සමහර අය මගේ පුරවැසිභාවය ගැන කතා කරනවා. මේකෙ ඉන්නවාලු තවත් ද්විත්ව පුරවැසියො කියන අය. ඒගොල්ලො ගැන කතාවක් නැත්තෙ ඇයි එහෙනම් ? කතා කරන්න එපා මෙතෙන්ට ඇවිල්ලායි මාධ්‍යවලට ගිහිල්ලායි මේ පුරවැසිකම. අපි මේක ගැන කතා කරන්න ගියොත් අපට කතා කරන්න වෙන්නෙ බංග්ලාදේශයෙන් ආපු විජය කුමාරයා ගැන. එතනින් පටන් ගමු එහෙනම් අපි. බුදු හාමදුරුවෝ කියන්නෙ කවුද ? මට මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා ඔය එක එක්කෙනා. මට කමක් නෑ මඩ ගැහුවාට, මේවා වදින්නෙ නෑ මට. ප්‍රශ්නයක් නෑ ඒවා විසඳාගමු වෙනම. නමුත් මේ රට කරන්න ඉඩදෙන්න” යනුවෙන්