කන්ටේනරයක් දුම්රියක ගැටෙයි (Photos)

මීගමුව සහ කුරණ අතර ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
අද (15) උදෑසන දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් දුම්රියේ එංජිමට සුළු හානි සිදුව ඇති අතර, දුම්රියේ ගැටීමෙන් පසු කන්ටේනර් රථය ඉවතට විසි වී ගොස් ඇත.
සිද්ධිය වෙන අවස්ථාවේදී කන්ටේනර් රථ රියදුරු එළියට පැනලා. කෙසේ නමුත් ගම්වාසීන් මැදිහත් වී කන්ටේනර් රථ රියදුරුව කඩිනමින් මිගමුව රෝහල වෙත යොමු කර තිබේ.




