අන්තරේට කඳුළු ගෑස්

විරෝධතාවෙහි නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට කොළඹ මල් පාර ප්‍රදේශයේ දී පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.
මෙම විරෝධතාවක් හේතුවෙන් තුන්මුල්ල මංසන්ධියේ සිට බුලර්ස් මාර්ගය අවහිර වී ඇති බවට වාර්තා වුණා.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ.

