උත්සව සමයේ බිත්තර නැති වෙන ලකුණු

උත්සව සමයේ බිත්තර නැති වෙන ලකුණු

බිත්තර නිෂ්පාදනය මේ වන විට සියයට 50 දක්වා පහළ වැටී ඇති බව නිෂ්පාදකයින් පවසනවා.

ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික මේ බව කියා සිටියා.

මේ වන විට වෙළදපළේ බිත්තර හිඟයක් පවතින අතර ඉදිරි උත්සව සමයේදී මෙම තත්වය තවත් උග්‍ර විය හැකි බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ