ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කතක් CID අත්අඩංගුවට

ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අද (21) පෙරවරුවේ දී මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇති බවයි වාර්තා වන්නේ.
පෙරේදා පස්වරුවේ දී ද මෙම ජාවාරමට සම්බන්ධ 45 හැවිරිදි උප ඒජන්තවරයෙකුත් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගැනුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ දියි.
එමෙන්ම ඕමානයේ සහ ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසා මිනිස් ජාවාරමේ නිරත වීමේ චෝදනාව මත පෙරේදා කටුනායක ගුවන්තොටුපලේ දී මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර රැකියා සඳහා විදේශගතවීම පසුගිය වසරට සාපේක්ෂව සියයට 150කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
පසුගිය වසර තුළ නීත්‍යානුකූලව රැකියා සඳහා විදේශ ගතවූ සංඛ්‍යාව 122,000 ක්.
එම සංඛ්‍යාව මේ වසරේ ගතවූ කාල සීමාව තුළ 278,000 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

