කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් අසාදු ලේඛනයට

කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් අසාදු ලේඛනයට

ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් වහාම අසාදු ලේඛනගත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම එම සමාගම කාබනික පොහොර අලෙවි කර ඇත්නම් කිසිදු ගෙවීමක් සිදු නොකරන ලෙසයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී ඇත්තේ.

දියර කාබනික පොහොර ඇසුරුම් කිරීමෙන් විවිධ ව්‍යාධිජනක හටගැනීමේ හැකියාවක් පැවතීම හේතුවෙනුයි ජාතික පොහොර ලේකම් කාර්යාලය දියර කාබනික පොහොර ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කිරීම තහනම් කර ඇත්තේ.

එමෙන්ම වළව කලාපයේ ගොවීන්ට තවත් කාබනික පොහොර සමාගමක් විසින් සපයන ලද කාබනික පොහොරවල වැලි සාන්ද්‍රණය වැඩි බවට ගොවීන් සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් ද වාර්තාවක් සපයන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය එම ලේකම් කාර්යාලයට දැනුම්දී තිබෙනවා.

COMMENTS