QR ක්‍රමය අවසන් වෙයිද ? ඇමතිගෙන් ප්‍රකාශයක්

QR ක්‍රමය අවසන් වෙයිද ? ඇමතිගෙන් ප්‍රකාශයක්

එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන තාක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා අදාල පණිවිඩය ඔස්සේ වැඩිදුරටත් පවසනවා.