අද ලෝක පාපන්දු කුසලානයේ තරඟ තුනක් – ප්‍රබල ආර්ජන්ටිනාවත් අද තරඟ බිමට

අද ලෝක පාපන්දු කුසලානයේ තරඟ තුනක් – ප්‍රබල ආර්ජන්ටිනාවත් අද තරඟ බිමට

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරඟ 3ක් අද (22) පැවැත්වීමට නියමිතය. එහි පළමු තරඟයට එක් වන්නේ, ආර්ජන්ටිනාව සහ සෞදි ආරාබියයි.

එම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වේ.

දෙවන තරගය ටියුනීසියාව සහ ඩෙන්මාර්කය අතර පැවැත්වෙන අතර එම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.

මෙක්සිකෝව සහ පෝලන්තය අද තුන්වන තරඟයට එක්වනු ඇති. ඒ, මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30ටයි.