බැසිල්ට ප්‍රභූ ආරක්ෂාව දීමෙන් රජයට පාඩුවක් කරලා

බැසිල්ට ප්‍රභූ ආරක්ෂාව දීමෙන් රජයට පාඩුවක් කරලා

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ප්‍රභූ ආරක්ෂාව ලබාදීමෙන් රජයට පාඩුවක් කර ඇතැයි පෙන්වා දෙමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.

රජයේ කිසිදු තනතුරක් නොදරන පුද්ගලයෙකු වන බැසිල් රාජපක්ෂ පෙරේදා (නොවැ. 20) කටුනායක ගුවන්තොටුපොළේ සිට ගමන්ගත් මෝටර් රථයට ඉදිරියෙන් මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පොලිස් රථවාහන, යතුරුපැදියක් හා පිටුපසින් පොලිස් ජීප් රථයක් ධාවනය කර තිබෙන බව පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.

මෙම සිදුවීමේදී පොලිස්පතිවරයා රජයට පාඩුවක් සහ නීති විරෝධී ක්‍රියාවක් කර තිබෙන බව පවසන පැමිණිලි පාර්ශ්වය මේ සම්බන්ධව විමර්ශනයක් කර නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙස වැඩිදුරටත් ඉල්ලා ඇත.