අද බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

අද බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව යි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ නිරිත දෙසින් හමා එන අතර, සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 20-40 පමණ වනු ඇති.

කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා සහ කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

COMMENTS